Tuesday, October 30, 2012

Windows 7 වල ලොග් ඔන් ස්ක්‍රීන් එකට අපි කැමති පින්තුරයක් දාමු

 වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්දතියට ලොග් වෙනකොට ලැබෙන නිල්පාට බැක්ග්‍රවුන්ඩ් වින්ඩෝ එක තියෙනවා නේද. මම කියන්න යන්නේ අන්න ඒ වින්ඩෝ එක අයින් කරලා එතනට තමන් කැමති වින්ඩෝ එකක් දාන හැටි. පහත තියෙන්නේ ඔබට සුපුරුදු ලොග් ඔන් ස්ක්‍රීන් එක. 


මේ වැඩේ කරන්න වින්ඩෝස් රෙජිස්ට්‍රියට යන්න ඕන. එක හැබැයි ටිකක් අවදානම්. මොකද ඔබ හරිහැටි නොදැන රෙජිස්ට්‍රියේ යම් වෙනසක් සිදුකරන්නට ගියොත් අත් වැරදීමකින් මුළු මෙහෙයුම් පද්දතියම අකර්මන්‍ය විය හැකියි. ඒ නිසා මේ කියන දේ ඒ විදියටම කරන්න. 

වින්ඩෝස් රෙජිස්ට්‍රියට පිවිසෙන්නේ Run ඩයලොග් බොක්ස් එක හරහා. වින්ඩෝස් රෙජිස්ට්‍රිය හරහා මෙහෙයුම් පද්දතියේ වෙනස්කම් රැසක් කරගන්න ගන්න පුළුවන්. මුලින්ම Start > All Programs > Accessories හරහා ගොස් Run ඩයලොග් බොක්ස් එක විවෘත කර ගන්න. එහි regedit ලෙස ටයිප් කර OK කරන්න. එවිට Registry Editor වින්ඩෝ එක විවෘත වේ. 

ලැබෙන Registry Editor වින්ඩෝ එකේ HKEY_LOCAL_MACHINE නම් ෆෝල්ඩර එකේ ඉදිරියේ ඇති ඊ තලය මත ක්ලික් කරන්න. එවිට ලැබෙන ශාකා වලින් පිලිවෙලින් Software > Microsoft > Windows යන ඒවායේ ඉදිරියෙන් ඇති ඊ තලය මත ක්ලික් කර තෝරන්න. එහිදී ලැබෙන කොටස් වලින් Current Version යන්නෙහි ඉදිරියෙන් ඇති ඊ තලය මත ක්ලික් කරන්න. එහි Authentication හි ඇති Logon UI යන්නෙහිද ඊ තලය මත ක්ලික් කරන්න. එවිට ඒ යටතේ Background යනුවෙන් දැකගත හැකි වේවි. එය සිලෙක්ට් කල විට Registry Editor වින්ඩෝ එකේ දකුණු පැත්තේ Default නම් Value එකක් දැක ගැනීමට පුළුවන්. එයට පහලින් OEM Background යනුවෙන් value එකක් තිබේදැයි බලන්න.


එසේ නොමැතිනම් Default යන්නට පහලින් හිස්තැනක Right Click කර ලැබෙන වින්ඩෝ එකේ DWORD (32-bit) Value යන්න ක්ලික් කරන්න. 

මෙසේ සාදා ගන්න value එක OEM Background යනුවෙන් නම් කර ගන්න. දැන් ඒ value එක මත ඩබල් ක්ලික් කරන්න. එවිට Edit DWO RD Value ලෙස බොක්ස් එකක් ලැබෙයි. එහි Value data නම් ස්ථානයේ 0 ලෙස සඳහන් අගය 1 ලෙස ලබා දී OK කරන්න. වින්ඩෝස් රෙජිස්ට්‍රියේ කරන්න තියෙන්නේ මේ ටික විතරයි. ඊ ලඟට කරන්න තියෙන්නේ අපට අවශ්‍ය ෆොටෝ එක එකතු කරන එක.

මේ සඳහා මුලින්ම C: ඩ්‍රයිව් එකේ ඇති Windows ෆෝල්ඩරය විවෘත කර ගන්න. ඊ ලඟට එහි පිලිවෙලින් System32 > oobe යන ෆෝල්ඩර්ස් විවෘත කරගන්න. දැන් ඔබ විවෘත කරගත් oobe ෆෝල්ඩර එකේ Info නමින් අලුත් ෆෝල්ඩරයක් සකස් කරන්න. දැන් ඒ සාදාගත් Info නම් ෆෝල්ඩරය විවෘත කර එහි backgrounds නමින් තවත් අලුත් ෆෝල්ඩරයක් සකස් කරගන්න. ඔබට ලොග් ඔන් ස්ක්‍රීන් එකට දාන්න ඕනකරන ෆොටෝ එක දැමිය යුත්තේ මේ ෆෝල්ඩරයටයි. 

දැන් ඔබට අවශ්‍ය ෆොටෝ එක ඉහත සාදා ගත් backgrounds ෆෝල්ඩරය තුලට කොපි කර ගන්න. මතක තියා ගන්න. මේ ෆොටෝ එක .jpg ෆෝමැට් එකෙන් තිබිය යුතුයි. දැන් ඔබ කොපි කරගත් මේ ෆොටෝ එකේ නම backgroundDefault ලෙස වෙනස් කරගන්න. 

දැන් සියල්ල සිදුකර හමාරයි. ඔබේ පරිගණකය Restart කර බලන්න. ඔබ සියලු සැකසුම් නිවැරදිව කලේනම් පරිගණකය Shutdown වීමේදීද, Logout වීමේදීද ලැබෙන්නේ මේ ෆොටෝ එකයි.












Wednesday, October 24, 2012

ආරක්ෂිතව ෆේස්බුක් පාවිච්චි කරමු.

        අද ලොව පුරා බොහෝ ෆේස්බුක් ගිණුම් පවතින්නේ අනාරක්ෂිත මට්ටමක. බොහෝ ෆේස්බුක් ගිණුම් හැකර් කරුවන් අතට පහසුවෙන් පත් වේ. මෙය වලක්වා ගැනීමට නිවැරදි ආරක්ෂක උපක්‍රම අනුගමනය කල යුතුය. ෆේස්බුක් සේවය විසින්ම හඳුන්වා දී ඇති ආරක්ෂක උපක්‍රම ඉතා වැදගත් තැනක් ගනී. නමුත් මේ පිළිබඳ බොහෝදෙනා තවමත් හරිහැටි නොදැන සිටී. 




Login Notification & Login Approval.


මෙහිදී ජංගම දුරකථන හරහා ඔබගේ ෆේස්බුක් ගිණුමේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් කරයි. මෙය සක්‍රීය කිරීමට ඔබගේ ෆේස්බුක් ගිණුමේ Account Settings වලට ඇතුළු වන්න ( Home ටැගය අසල පහලට යොමු වූ ඊතලය). එහි Security යටතේ ඇති Secure Browsing හා Login Notifications සක්‍රිය කල යුතුය. ඔබ තවමත් ඔබේ ජංගම දුරකථනය සදහා SMS Settings සකසා නොමැතිනම් මෙම පියවරේදී ඔබට එම සැකසුම් කිරීමටද සිදු වේවි. Recognized devices යටතේ ඔබ නිතර ෆේස්බුක් වෙත ලොග් වන පරිගණකයට නමක් ලබාදිය යුතුය.

ඔබේ ෆේස්බුක් ගිනුමටත් Login Notification සක්‍රිය කල විට ඔබ නිතර ෆේස්බුක් වෙත ලොග් වෙන පරිගණකයේ සුපුරුදු වෙබ් බ්‍රව්සරයෙන් හැර වෙනත් වෙබ් බ්‍රව්සරයකින් හෝ වෙනත් පරිගණකයකින් පහසුවෙන් ෆේස්බුක් ගිණුමට ලොග් විය නොහැක. එසේ ලොග් වීමටනම් අදාල නව උපාංගය කුමක්ද යන්න ලබා දී ඉදිරියට යා යුතුය. එසේ ඉදිරියට ගිය විට එම අලුත් පරිගණකය කුමක්ද, එයින් ලොග් වුයේ කුමන වෙලාවකදීද, යන තොරතුරු SMS හා e-mail මාර්ගයෙන් ගිණුමේ අයිතිකරුට ලබා දේ.

ඉහත සඳහන් කල පරිදි ඔබ Login Notification සක්‍රිය කර ඇත්නම්, වෙනත් පරිගණකයකින් හෝ වෙනත් වෙබ් බ්‍රව්සරයකින් ෆේස්බුක් ගිණුමට ඇතුළු වීමේදී රහස්‍ය අංකයක් ඉල්ලා සිටී. මෙම රහස්‍ය අංකය කෙටි පණිවිඩයකින් ඔබේ දුරකථන අංකයට එවනු ලැබේ. මේ නිසා මෙලෙස පිටස්තර අයෙකුට ඔබේ ගිණුමට ඇතුළු වීමට නොහැක. මන්ද රහස්‍ය අංකය ලැබෙන්නේ ඔබේ ජංගම දුරකථන අංකයට බැවිනි. යමෙක් ඔබේ ෆේස්බුක් ගිණුමේ Password එක දැන සිටියද මේ ක්‍රමය නිසා ගිණුමට ඇතුල් විය නොහැක. සෙටින්ග්ස් සියල්ල සැකසු පසු එය Save කල යුතුය.

මේ ක්‍රමයට ඔබගේ gmail, yahoomail වැනි ඊ-මේල් ගිණුම් වලටද  Login Notification යෙදිය හැක.

Saturday, October 20, 2012

චිත්‍රපටි වලට සිංහල උපසිරැසි යොදමු

 මම මේ පෝස්ට් එක ලියන්නේ මේ මාසේ විජය පරිගණක සඟරාවේ තිබුන ලිපියක් දැකලා. විජය පරිගණක සගරාව කියවන්න බැරිඋන අයට මේ පොස්ටුවෙන් ප්‍රයෝජනයක් ලැබේවි.

වෙනත් භාෂා වලින් ඇති චිත්‍රපටි එම භාෂාව හරිහැටි නොදැන රස විඳීම අපහසුය. එවැනි චිත්‍රපටිවල සිංහල උපසිරසි තියෙනවනම් ඒවා වඩාත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. වෙනත් භාෂාවකින් තියෙන චිත්‍රපටියක සිංහල උපසිරැසි දීම හරි පහසු වැඩක්. පළමුව අදාළ චිත්‍රපටියේ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව අන්තර්ජාලය හරහා බාගත කරගත යුතුය. ඉන්පසුව ඇත්තේ එය සිංහලයට පරිවර්තනය කර ගැනීමයි.

ඔක්කොටම කලින් අදාල චිත්‍රපටියේ ඩිජිටල් පිටපතක් ඔබේ පරිගණකයේ තිබිය යුතුය. ඉන්පසුව සුදුසු වෙබ් අඩවියක් හරහා ඔබට අවශ්‍ය ඉංග්‍රීසි උපසිරැසි ගොනුව බාගත කරගත යුතුය. ඒ සඳහා පහත වෙබ් අඩවි භාවිත කල හැක.

                            www.subscene.com
                            www.opensubtitles.com

මෙහි ඇති උපසිරැසි අතරින් Exact යටතේ ඇති උපසිරැසි ලබාගැනීම වඩා හොඳය. ඒවා බොහෝදෙනෙක් හොඳයයි කී ඒවාය. ඔබට ලැබෙන ගොනුව ඇත්තේ .srt එක්ස්ටෙන්ෂන් එක යටතේය. කිසිම විටෙක මෙම එක්ස්ටෙන්ෂන් එක වෙනස් නොකිරීමට වග බලා ගත යුතුය. මුලින්ම ඔබ ඩවුන්ලෝඩ් කරගත් උපසිරැසි ගොනුව අදාල චිත්‍රපටිය සහිත ෆොල්ඩර් එකට කොපි කරගත යුතුය. ඉන්පසු එයට අදාල චිත්‍රපටියේ නමම ලබාදෙන්න. එහෙත් ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙනස් නොකරන්න.

දැන් තියෙන්නේ මේ ඉංග්‍රීසි ගොනුව සිංහලයට පරිවර්තනය කරන එක. මුලින්ම මේ ෆයිල් එක මත රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනුවෙන් Open With -> Notepad ලෙස ලබා දී නෝට්පෑඩ් මගින් ගොනුව විවුර්ත කරගන්න. එවිට පහත පරිදි චිත්‍රපටියේ දෙබස් දැකිය හැක.




මෙහි ඉංග්‍රීසියෙන් ඇති වචන පෙළ සිංහලයට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. මෙහි පළමු වචන පෙළ මම සිංහලෙන් ටයිප් කරලා තියෙනවා පේනවා ඇති. ඒ වගේ මුළු චිත්‍රපටියේම තියෙන දෙබස් ටික සිංහලයට පරිවර්තනය කරන්න ඕන. හැබයි මේ වැඩේට ඔබේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා තියෙන්න ඕන. මොකද සිංහල යුනිකෝඩ් නැතිව නෝට්පෑඩ් වල සිංහලෙන් ටයිප් කරන්න බෑ. ඔබේ පරිගණකයේ සිංහල යුනිකෝඩ් නැත්තන් පහත ලින්ක් එක හරහා ගොස් ලබාගන්න.

                                             www.siyabas.lk

යුනිකෝඩ් ලබාගත් පසු ඔබේ පරිගණකයේ ටාස්ක්බාරයේ Language පැනල් එක දැක ගන්න පුළුවන්. යතුරුපුවරුවේ Alt + Shift යතුරු එබීමෙන් භාෂාව වෙනස් කරගන්න පහසුවෙන් පුළුවන්.

සියල්ල අවසානයේ ඔබ සාදාගත් සිංහල උපසිරසි ගොනුව සේව් කරගන්න. මේ සඳහා Save As යන්න ලබා දෙන්න. එහි File Name යන්න එලෙසම තිබියදී Save as type යන්නෙහි All Files ලෙස තේරිය යුතුය. Encoding යන්නෙහි UTF-8 ලෙස තිබිය යුතුය.

Thursday, October 11, 2012

අන්තර්ජාලයෙන් මුදල් උපයමු 1



   අද ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක් තමයි Internet Money හෙවත් අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම. ගොඩක් දෙනෙක් කියනවා වගේ එක ලේසි වැඩක් නෙවෙයි. ඉතාමත් ලේසියෙන් විශාල මුදලක් සොයාගන්න අමාරුයි. ඊටමත් දැන් තියෙන ගොඩක් මේ වගේ වෙබ් සේවා කරන්නේ බොරුව සහ වංචාව. ඒ වගේ වංචනික වෙබ් අඩවි වලට හසු නොවී ඉතාමත් කල්පනාකාරීව මේ වැඩේ කරන්න ඕන.

අන්තර්ජාලය හරහා විවිධ මාර්ග ඔස්සේ මුදල් සොයන්න පුළුවන්. Ad Click කිරීම, Mini Job කිරීම, Data Entry Jobs මින් සමහරක්. තමන්  දන්නා දේ අනුව රැකියාව තෝරාගන්න පුළුවන්. Ad Click කිරිමෙන්නම් ඇත්තටම සැලකිය යුතු මුදලක් සොයා ගැනීම අමාරුයි. නමුත් Mini Job කිරීම, Data Entry Jobs මගින් නම් සැලකිය යුතු මුදලක් සොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම Data Entry Jobs. ඔබට Web Designing, Programming, Graphic Designing ගැන දැනුමක් තියෙනවනම් Data Entry Job හරහා හොඳ මුදලක් ලබාගන්න ඔබට පුළුවන්. නමුත් වංචනිකයන්ට හසු නොවී මෙය සිදුකරන්නත් දැන ගන්න ඕන. මම Data Entry Job ගැන වෙන දවසක කියන්නම්.

මම දැන් කියන්න යන්නේ කාටත් පහසුවෙන් කරන්න පුළුවන් මිනි ජොබ් 1ක්. අන්තර්ජාලය පාවිච්චි කරන ඔබ සාමාන්‍යයෙන් එදිනෙදා සිදුකරන වැඩ කටයුතු උපයෝගී කරගෙනම මුදල් උපයන්න මේ හරහා පුළුවන්. ඒ කියන්නේ Facebook, Email, Youtube Accounts සැදීම, Facebook Like, Google +1, SignUp වැනි ඔබට ලබාදෙන ක්‍රියාකාරකම් සිදුකර මුදල් උපයගන්න පුළුවන්. 

හැබැයි ඔබ උපයන මුදල් ආපසු ගෙන්වගන්නත් එපැයි. ඒ සඳහා අන්තර්ජාල බැංකු ගිණුමක් ඔබට අවශ්‍ය වෙනවා. ඒ ගිණුම හරහා මෙරට ගිණුමකට මුදල් ගෙන්වාගන්න මෙන්ම අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමටද පුළුවන්. මෙවැනි වෙබ් අඩවි කිහිපයක්ම තියෙනවා. Alert Pay, PayPal ඉන් සමහරක්.


මෙන්න මෙතනින් Alert Pay (Payza) ගිණුමක් සාදාගන්න.


මිනි ජොබ් කරන්නත් අන්තර්ජාලයේ වෙබ් අඩවි දහස් ගණනක් තියෙනවා. නමුත් විශ්වාසනීය වෙන්නේ ඉන් අතලොස්සක් විතරයි. Micro Workers, Minute Workers කියන්නේ ඉන් සමහරක්. පහතින් දීලා තියෙන ලින්ක් එක භාවිත කරලා Micro Workers ගිණුමක් සාදා ගන්න. තොරතුරු වලට ඔබේ නිවැරදි තොරතුරු ලබාදෙන්න. ගිණුමක් සාදා ගත් පසු ඔබට ඔවුන් ලබා දෙන ක්‍රියාකාරකම් කල හැකියි. ඔබට ලැබෙන ක්‍රියාකාරකම ඉතා නිවැරදිව කල යුතුයි. ඔබ එය නිවැරදිව කල බවට සහතික කල යුතුයි. එවිට ඔවුන් එය පරික්ෂා කර බලා ඔබේ ගිණුමට මුදල් බැර කිරීම සිදු කරයි. මේ සඳහා යම් කාලයක් ගත වේ. ඔබේ ක්‍රියාකාරකම් දිගින් දිගටම අසාර්ථක වුවහොත් ඔවුන් ඔබේ ගිණුම අක්‍රිය කිරීම සිදු කරයි. එවිට නැවත ඔබට ගිණුමක් සාදා ගැනීමට නොහැක. මේ ගැනත් සලකා බලා පහත ලින්ක් එක හරහා ගොස් Micro Workers ගිණුමක් සාදා ගෙන බලන්න.



Wednesday, October 3, 2012

Ubuntu 12.10 (Quantal Quetzal) Beta 2 නිකුත් කරයි

උබුන්ටු නවතම සංස්කරණය වන Ubuntu 12.10 දැන් නිකුත් කර තිබෙනවා. මේ මෙම වර්ෂය තුල නිකුත් කරන ලද දෙවන සංස්කරණය වේ. ඔබට දැන් උබුන්ටු නිල වෙබ් අඩවිය හරහා මෙය නොමිලේම බාගත කර ගැනීමට පුළුවන්. 

උබුන්ටු ලබා ගන්න >>>> Click Here

ඔබට ලැබෙන්නේ  751 MB ක iso ගොනුවකි. Quantal Quentzal යනු උබුන්ටු 12.10 හි අවසාන බීටා සංස්කරණයයි.


උබුන්ටු පහසුවෙන් ඔබේ වින්ඩොස්  මෙහෙයුම් පද්දතිය සමග ස්ථාපනය කරගැනීමට උපකාරීවන,
Wubi මෙතැනින් ලබාගන්න >>>> Click Here 

වැඩි විස්තර සඳහා මේ වීඩියෝව බලන්න >>>