Monday, September 24, 2012

Windows 8



මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම පරිගණක මෙහෙයුම් පද්දතිය වන්නේ Windows 8. එය මෙතෙක් මෙම සමාගමෙන් නිපදවන ලද සියලුම පරිගණක මෙහෙයුම් පද්ධති වලට වඩා වෙනස් වර්ගයේ එකක්. මෙය සමගම Microsoft සමාගමේ වින්ඩෝස් ලාංචනයද  වෙනස් කර ඇත.

Microsoft සමාගමෙන් මෙහි සංස්කරණයක් ඉදිරිපත් කර තිබෙනවා. එය හඳුන්වන්නේ 'කන්සියුමර් ප්‍රිවිව්'  (Consumer Preview) ලෙසයි. දැන් එය ඕනෑම අයෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කර බලන්නට පුළුවන්. මේ සඳහා Microsoft සමාගමේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.








Windows 8 Install කිරීමට පරිගනකයක තිබිය යුතු අවම සුදුසුකම්.

ප්‍රොසෙසරය  - 1 GHz හෝ ඊට වැඩි 
රැම් - 1 GB (32-bit) හෝ 2 GB (64-bit)
හා(ර්)ඩ් ඩිස්ක් - 16 GB (32-bit) හෝ 20 GB (64-bit)
ග්‍රැෆික් - Microsoft DirectX9 හෝ වැඩි 


Windows 8 විශේෂාංග
  
  • ස්ටාර්ට්  ස්ක්‍රීන් (Start Screen)
 කලින් පැමිණි Windows XP, 7 වැනි වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල තිබු Start Menu එක මෙහි නැත. ඒ වෙනුවට ඇත්තේ පරිගණකයට log වූ විට දක්නට ඇත්තේ ස්ටාර්ට් ස්ක්‍රීනයයි. පරිගනකයේ ඇති විවිද වැඩසටහන් වෙත යාමට මෙහි අයිකන් පිහිටා ඇත.



  • ඇප්ස් (Apps)

දැන් Windows 8 සමග Apps පවතී. ස්ටාර්ට් ස්ක්‍රීනය හරහා මෙම ඇප්ස් වලට පිවිසීමට හැක. මේ සඳහා ස්ටාර්ට් ස්ක්‍රීනයේ හිස් තැනක් මත Right Click කල යුතුය. ස්ටාර්ට් ස්ක්‍රීන් එකට පහලින් All apps බට්න් එක මතු වේ.

  • චාම්ස් (Charms)


චාම්ස් යනු වින්ඩෝස් 8 සමග ඇති ප්‍රධාන විධාන 4 කි. ඒවානම් Search, Share, Start හා Settings යන ප්‍රධාන විධාන අයිකන වේ. යතුරු පුවරුවේ වින්ඩෝස් යතුර සමග C අකුර තද කල විට මේවාට පිවිසේ.

2 comments:

  1. ඔය ලින්ක් එකෙන් ගිහින් Download කරන්න පුලුවන් වෙන්නෙ Online Updater එක විතරයි බන්. මෙන්න මෙතනින් Torrent Windows 8.1 ම Download කරගන්න පුලුවන්.

    Freewarehut.blogspot.com : Operating Systems

    ReplyDelete
    Replies
    1. හප්පුච්චියේ මං මේ ගිය අවුරුද්දේ දාපු පොස් කටුවක්නේ බං මේක... ඒ කාලේ කන්සියුමර් ප්‍රිවිව් එක ඔතනින් ගන්න පුළුවන්. මං ගත්තු එක තාම තියෙනවා මගේ ළඟ.. දැන් නං මං දාල තියෙන්නෙ අට ප්‍රෝ එක.. දැන් ඔය ලිංක් එක වැඩ නැතුව ඇති.. :D

      Delete