Friday, September 28, 2012

Ubuntu dual Boot දාමු

දැනට පවතින විවෘත හා නිදහස් (Open Source) මෙහෙයුම් පද්ධති අතරින් හොඳම මෙහෙයුම් පද්ධතියක් වෙන්නේ උබුන්ටු. එය මෑතක සිට වේගයෙන් ජනතාව අතර ජනප්‍රිය වෙනවා.

එහි නවතම අනුවාදය වන්නේ Ubuntu 12.04.1 ය. එය උබුන්ටු නිල වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැක. ඔබට ලැබෙන iso ගොනුව 695 MB කි.


කොහොමද ඩුවල් බූට්‌ දාන්නේ?

ඩුවල් බූට්‌ දානවා කියන්නේ පරිගණකයට මෙහෙයුම් පද්ධති දෙකක් ඉන්ස්ටෝල් කරන එකයි. ඔබට ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එහි ක්‍රියාකාරිත්වයට කිසිම බලපෑමක් නොවී උබුන්ටුද පහසුවෙන් ඉන්ස්ටෝල් කරගත හැක. මෙය පහසුවෙන් සිදුකරගත හැකි මෘදුකාංගයක් ඇත. ඒ Wubi ය. මේ සඳහා පළමුව වූබි ඩවුන්ලෝඩ් කරගත යුතුය.

වූබි මෙතැනින් ලබාගන්න


වූබි ඉන්ස්ටෝල් කරගත් පසු එයට පිවිසිය හැක. එහි උබුන්ටු ඉන්ස්ටෝල් විය යුතු පාර්ටිෂන් එක ලබා දෙන්න. User name හා Pass Word එකක්ද ලබා දිය යුතුය. දැන් රූපයේ පෙන්වා ඇති පරිදි Install බට්න් එක ක්ලික් කරන්න. දැන් උබුන්ටු ඉන්ස්ටෝල් වීම ඇරඹේවි.

Wednesday, September 26, 2012

Windows 7 Speech Recognition

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය සමග ලබාදෙන තවත් එක් අලුත් දෙයක් තමයි Speech Recognition කියලා කියන්නේ. හැබැයි ඔබට මේ සඳහා මයික්‍රෆෝනයක් අවශ්‍ය වෙනවා. මෙහිදී සිදුවන්නේ අපි මයික්‍රෝෆෝනය හරහා පවසන විධානය මෙහෙයුම් පද්ධතිය මගින් හඳුනාගෙන ඊට පිළිතුරු දැක්වීමයි. මෙය මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවා තිබෙන්නේ අබාධිත පුද්ගලයන්ට පහසුවෙන් පරිගණකය හැසිරවීමට. මෙය තාමත් ඔබ අත්හදා බලා නොමැතිනම් අත්හදා බලන්න. විනෝදයක් ගෙන දේවි.


මුලින්ම මෙය ක්‍රියාත්මක කිරීමට Start > All Programs > Accessories > Easy of Access > Windows Speech Recognition වලට යන්න. එවිට ඔබට පහත ආකාරයේ තිරයක් ලැබේවි.



එහි දෙවනුව ඇති Setup Microphone යන ටැගය ක්ලික් කරන්න. එහි මතුවන වින්ඩෝ එකෙන් ඔබ ළඟ ඇති මයික්‍රොෆෝනය තෝරන්න. සාමාන්‍යයෙන් නම එය Headset Microphone විය යුතුයි. දැන් Next කරන්න. එවිට ලැබෙන වින්ඩොව් එකේද Next බට්න් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙවැනි වින්ඩෝ එකක් ලැබේවි.



තව දුරටත් ඉදිරියට යාමට නම් ඔබ ඔබේ මයික්රෝෆෝනය ඉදිරියට ගොස් මේ වින්ඩෝ එකේ තද කළු පැහැති ඇල අකුරින් ඇති වාක්‍ය ශබ්ද නගා කියවිය යුතුයි. ඔබ නිවැරදිව පැවසුවේනම් ඉදිරියට යාමට හැක. නැතිනම් නැවත වරක් කියවීමට සිදුවේවි.

ඔබ ඉහත ක්‍රියාකාරකම නිවැරදිව සිදුකලේනම් ඔබව Speech Recognition Tutorial වෙත යොමු කරාවි. එහි පියවරෙන් පියවර ඔබට පරිගණකය සමග කතා කිරීමට මනා පුහුණුවක් ලබා දේ. මතක තබා ගන්න, මෙහිදී කිසිම විටෙක ඔබට මව්සය පාවිච්චි කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. සියල්ල ඔබට මයික්‍රොෆෝනය හරහා පැවසීමට හැක. Speech Recognition Tutorial හි ඉදිරියට යාමට Next විධානය ලබා දීමට ඔබ Next බට්න් එක ක්ලික් කල යුතු නැත. ඔබ කල යුත්තේ ඔබේ හඬින් "Next" ලෙස පැවසීම පමණකි.

මේ තියෙන්නේ Speech Recognition Tutorial ආරම්භක පිටුව.



Speech Recognition Tutorial අවසන් වූ පසු ඔබට Windows Speech Recognition සමග වැඩ ඇරඹිය හැක. ඔබ මවුසය භාවිතා කර කරන වැඩ කටයුතු මෙන්ම, ලියකියවිලි Type කර ගැනීමටද මේ හරහා පුළුවන්.

Monday, September 24, 2012

Windows 8



මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම පරිගණක මෙහෙයුම් පද්දතිය වන්නේ Windows 8. එය මෙතෙක් මෙම සමාගමෙන් නිපදවන ලද සියලුම පරිගණක මෙහෙයුම් පද්ධති වලට වඩා වෙනස් වර්ගයේ එකක්. මෙය සමගම Microsoft සමාගමේ වින්ඩෝස් ලාංචනයද  වෙනස් කර ඇත.

Microsoft සමාගමෙන් මෙහි සංස්කරණයක් ඉදිරිපත් කර තිබෙනවා. එය හඳුන්වන්නේ 'කන්සියුමර් ප්‍රිවිව්'  (Consumer Preview) ලෙසයි. දැන් එය ඕනෑම අයෙකුට නොමිලේම ලබාගෙන පාවිච්චි කර බලන්නට පුළුවන්. මේ සඳහා Microsoft සමාගමේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.








Windows 8 Install කිරීමට පරිගනකයක තිබිය යුතු අවම සුදුසුකම්.

ප්‍රොසෙසරය  - 1 GHz හෝ ඊට වැඩි 
රැම් - 1 GB (32-bit) හෝ 2 GB (64-bit)
හා(ර්)ඩ් ඩිස්ක් - 16 GB (32-bit) හෝ 20 GB (64-bit)
ග්‍රැෆික් - Microsoft DirectX9 හෝ වැඩි 


Windows 8 විශේෂාංග
  
  • ස්ටාර්ට්  ස්ක්‍රීන් (Start Screen)
 කලින් පැමිණි Windows XP, 7 වැනි වින්ඩෝස් මෙහෙයුම් පද්ධති තුල තිබු Start Menu එක මෙහි නැත. ඒ වෙනුවට ඇත්තේ පරිගණකයට log වූ විට දක්නට ඇත්තේ ස්ටාර්ට් ස්ක්‍රීනයයි. පරිගනකයේ ඇති විවිද වැඩසටහන් වෙත යාමට මෙහි අයිකන් පිහිටා ඇත.



  • ඇප්ස් (Apps)

දැන් Windows 8 සමග Apps පවතී. ස්ටාර්ට් ස්ක්‍රීනය හරහා මෙම ඇප්ස් වලට පිවිසීමට හැක. මේ සඳහා ස්ටාර්ට් ස්ක්‍රීනයේ හිස් තැනක් මත Right Click කල යුතුය. ස්ටාර්ට් ස්ක්‍රීන් එකට පහලින් All apps බට්න් එක මතු වේ.

  • චාම්ස් (Charms)


චාම්ස් යනු වින්ඩෝස් 8 සමග ඇති ප්‍රධාන විධාන 4 කි. ඒවානම් Search, Share, Start හා Settings යන ප්‍රධාන විධාන අයිකන වේ. යතුරු පුවරුවේ වින්ඩෝස් යතුර සමග C අකුර තද කල විට මේවාට පිවිසේ.