Friday, August 17, 2012

Android Desktop

              ලෝකයේ දැනට තිබෙන වේගයෙන්ම අලෙවි වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය ලෙස සලකන්නේ Android මෙහෙයුම් පද්ධතිය. එය විවෘත හා නිදහස් (Open Source) මෘදුකාංගයක්. එය මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ එහි ඇති සිත් ගන්නාසුළු පෙනුමත්, වේගවත් ක්‍රියාකාරිත්වයත් නිසාය.

              දැන් Android එක්ක වැඩ කරන්න ස්මාර්ට් ෆෝන් ගන්න ඕන නෑ. ඔබේ Desktop පරිගනකයටත් Android Install කරලා වැඩ කරන්න පුළුවන්. මෙයට ඔබේ පරිගනකයේ Windows මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතුයි. එමෙන්ම අවම ලෙස 512MB රැම් මතකයක් තිබිය යුතුය.
           
              Android ඔබේ පරිගනකයේ ස්ථාපනය කිරීමට උදව් කරන්නේ Oracle Virtual Box කියන වැඩසටහන. මෙහිදී සිදුවන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ඔබගේ පරිගනකයේ වර්චුවල් මැෂින් එකක් සකසා Android එහි Install කිරීමය. මෙහිදී ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට හෝ වෙනත් ෆයිල් කිසිවකට හානියක්නම් සිදුවන්නේ නෑ. මේ සියල්ල නොමිලේ ලබාගත හැක.

              මේ අනුව ඔබ පළමුව කල යුත්තේ Oracle Virtual Box වැඩසටහන Download කර ගැනීමයි. ඒ සඳහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
                                   www.virtualbox.org

              එහි ඇති විස්තරය කියවා තේරුම් ගත් පසු එහි Downloads වෙතින් ගැලපෙන සංස්කරණය ලබාගත යුතුයි. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා ලැබෙන්නේ VirtualBox-4.1.14-77440-Win නම් සෙටප් ෆය්ල් එකය. එය  Install කරගත් පසු Oracle VM Virtual Manager වෙත පිවිසීමට හැක. දැන් එහි settings සකසා Android Install කිරීමට පුළුවන්.

කොහොමද Android Install කරන්නේ? 

              Android Install කරගන්න ඉස්සෙල්ලා Oracle VM වල Settings හදාගන්න ඕන. එක කරන්නේ මෙහෙමයි.

              Oracle VM මගින් තමයි Android Install කිරීමට අවශ්‍ය Virtual Machine එක හදල දෙන්නේ. ඒ සඳහා පළමුව Oracle VM Virtual Manager වින්ඩෝවේ වම් පස ඉහළින් තිබෙන New බට්න් එල ක්ලික් කල යුතුයි. එවිට ලැබෙන ඩයලොග් බොක්ස් එකේ Next නම් බට්න් එක ක්ලික් කරන්න. එවිට VM Name and OS Type ලෙස සටහන් පිටුව විවෘත වෙනවා. මෙහි Name යටතේ Android 04 ලෙස ලබා දෙන්න. Operating System යන්නට Linux ලෙස තෝරා දිය යුතුයි. Version යන්නට Linux 2.6 ලබා දෙන්න. මෙසේ ලබා දුන්නේ Android 04 සඳහා යොදාගෙන ඇත්තේ Linux 2.6 කර්නලය වීමයි. වෙනත් Android සංස්කරණයක් භාවිතා කරන්නේනම් එයට අදාල කර්නලය ලබා දිය යුතුය. දැන් Next බට්න් එක ක්ලික් කරන්න.

               දැන් Memory ලෙස සඳහන් පිටුවක් විවෘත වේ. එහි අවශ්‍ය රැම් ධාරිතාව ලබා දී Next බට්න් එක ක්ලික් කරන්න. එවිට ලැබෙන්නේ Virtual Hard Disc පිටුවයි. එහි  Start-up Disk යන්න සිලෙක්ට් කර, පහල ඇති  Create new hard disk යන්න තොරා දෙන්න. දැන් Next බට්න් එක ක්ලික් කරන්න. එවිට විවෘත වන්නේ Create New Virtual Disk නම් ඩයලොග් බොක්ස් එකයි. දැන් තිබෙන්නේ Virtual Hard Disk එක සකස් කිරීමයි. මුලින්ම File type යටතේ ඇති VDI (Virtual Box Disk Image) යන්න සිලෙක්ට් කර Next බට්න් එක ක්ලික් කල යුතුය. මීළඟට විවෘත වන පිටුවේ Dynamically allocated යන්න සිලෙක්ට් කර Next යන්න ක්ලික් කල යුතුය. එවිට ලැබෙන පිටුවේ Virtual හාඩ් ඩිස්ක් එකේ ධාරිතාව ලබා දිය යුතුය. 10GB පමණ හිස් ඉඩක් මෙයට ලබා දීමට හැකිනම් වඩා යෝග්‍ය වේ. Location යන්න ඉදිරියෙන් ඇති Browse බට්න් එක ක්ලික් කල යුතුය. එවිට විවෘත වන Select a file for the new hard disk image file ඩයලොග් බොක්ස් එකෙන් Save in නම් මෙනු එකෙන් Virtual Hard Disk එක සැකසීමට අවශ්‍ය Drive එක ලබා දීමට හැක. ඊ ළඟට Save නම් බට්න් එක ක්ලික් කරන්න.

                දැන් නැවතත් Create New Virtual Disk නම් ඩයලොග් බොක්ස් එක වෙත යොමු වේ. එහි Virtual Disk එකට අවශ්‍ය ධාරිතාව තොරා දිය හැක. Next බට්න් එක ක්ලික් කරන්න. දැන් ඉතින් එකත් අහවරයි. අන්තිමට Summary ලෙස සටහන් පිටුව විවෘත වෙයි. Create නම් බට්න් එක ක්ලික් කලවිට Virtual Machine එක සකස් වෙනවා.

                දැන් තියෙන්නේ Android ඩව්න්ලෝඩ් කරලා අපි හදාගත්ත මේ Virtual Machine එකේ ඉන්ස්ටෝල් කරගන්න එක.

                Android ඩවුන්ලෝඩ් කරගන්න පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
                               www.android-x86.org/download

                එහි ඇති ෆයිල් අතුරින් android-x 86-4.0-RC1 -asus _laptop.iso යන ෆයිල් එක තෝරා ඩව්න්ලෝඩ් කරගන්න. දැන් බලමු ඉන්ස්ටෝල් කරගන්න හැටි.

                 ඉහත පියවර සියල්ල සිදු කලාට පස්සේ නැවතත් වර්චුවල් බොක්ස් වැඩසටහනට පිවිසිය යුතුයි. එහි Android 04 ලෙස අපි කලින් සකස් කරගත් වර්චුවල් මැෂින් එක දකින්නට ලැබේවි. දැන් ඒ මත ඩබල් ක්ලික් කරන්න. එවිට ලැබෙන ඩයලොග් බොක්ස් වලින් ඉදිරියට යාමට Next බට්න් එක ක්ලික් කරන්න. එවිට Select Installation Media ලෙස සඳහන් පිටුවක් විවෘත වෙනවා. එහි Media Source යටතේ ඇති  Browse බට්න් එක ක්ලික් කල විට Open ඩයලොග් බොක්ස් එක විවෘත වේ. එහි ඩව්න්ලෝඩ් කරගත් android-x 86-4.0-RC1 -asus_laptop.iso ෆයිල් එක තෝරා දෙන්න. Open ක්ලික් කරන්න. දැන් ලැබෙන ඩයලොග් බොක්ස් වල ඉදිරියට යාමට Next විධානය ලබා දෙන්න. අවසානයට ලැබෙන Summary ලෙස සටහන් පිටුවේ Start බට්න් එක ක්ලික් කල විට Android ඉන්ස්ටෝල් වීම ආරම්භ වේවි.

Android වර්චුවල් මැෂින් එකේ ඉන්ස්ටෝල් කරන අයුරු.

                   මෙහිදී මුලින්ම ලැබෙන්නේ Android-x86 Live & Installation CD 4.0-RC1 නම් තිරයයි. එහි Install - Install Android-x86 to harddisk යන්න සිලෙක්ට් කරන්න. ඉන්පසු යතුරු පුවරුවේ Enter යතුර Press කරන්න. එවිට ලැබෙන්නේ Choose Partition තිරයයි.එහි Create/Modify partitions යන්න සිලෙක්ට් කර Enter යතුර තද කරන්න. එවිට cfdisk (util - linux-ng 2.14.1) තිරය විවෘත වේ. මෙහිදී වර්චුවල් ඩිස්ක් එකේ පාටිෂන් සැකසිය යුතුයි. පහල ඇති New යන්න සිලෙක්ට් කර Enter යතුර තද කරන්න. දැන් Primary ලෙස තිබියදී නැවත Enter යතුර තද කල යුතුයි. මෙසේ ඉදිරියට යාමේදී නැවතත් cfdisk (util - linux-ng2.14.1) තිරය වෙත යොමු වේ. අපි සකස් කල පාටිෂන් එක එහි sda 1 ලෙස සිලෙක්ට් වී තිබේ.


                   එහි පහල ඇති Bootable යන්න සිලෙක්ට් කර Enter කරන්න. එවිට sda 1 යන්න ඉදිරියෙන් Boot ලෙස දක්නට ලැබේවි. දැන් පහලින් ඇති Write යන්න සිලෙක්ට් කර Enter කරන්න. එවිට Are you sure you want write the partition table to disk? ලෙස සටහන් ප්‍රශ්නයක් ලැබේ. එයට yes ලෙස ටයිප් කර Enter කරන්න. සුළු වෙලාවකින් පාටිෂන් එක සකස් වී අවසාන වේ. අවසානයේ Disk Drive තිරය වෙත පැමිණේ. එයින් ඉවත් වීමට Quit යන්න සිලෙක්ට් කර Enter කරන්න. එවිට නැවතත් Choose Partition තිරය වෙත යොමු වේ. එහි sda 1 Linux VBOX HARD-DISK යන්න දැකගත හැකි වේ. දැන් එය සිලෙක්ට් කර Enter කරන්න. එවිට විවෘත වන්නේ Chose file system නම් තිරයයි. එයට ext3 යන්න සිලෙක්ට් කර Enter කරන්න.

                    මෙවිට Confirm නම් තිරය විවෘත වේ. එහි Yes යන්න සිලෙක්ට් කර Enter කරන්න. නැවතත් Confirm නම් තිරයක් ලැබේ. එහිද Yes යන්න සිලෙක්ට් කර Enter කරන්න. මීළඟට Question නම් තිරය විවෘත වේ. එහි No ලෙස සිලෙක්ට් කර Enter කරන්න. ඔබ ඉහත සඳහන් කල සියලු පියවර නිවැරදිව සිදු කළේනම් Congratulations නම් තිරය විවෘත වේ. එහි Run Android - x86 යන්න සිලෙක්ට් කර OK යන්න තෝරා Enter කරන්න. එවිට ඔබට Android වෙල්කම් තිරය ලැබේ.

                    එහි Start යන්න තෝරා ගන්න. මෙයට යතුරු පුවරුවේ TAB යතුර යොදා ගන්න. දැන් Enter කරන්න. මෙහි ඉදිරියට ගොස් Finish යන්න තෝරා දෙන්න.

                     Android වර්චුවල් මැෂින් එක තුල මවුසයෙන් වැඩකිරීමට එය සක්‍රිය කරගත යුතුයි. මෙයට මුලින්ම Android 04 - Oracle VM Virtual Box හි Machine මෙනු ක්ලික් කර Disable Mouse Intergration යන්න ලබා ගත යුතුයි. මෙවිට ලැබෙන බොක්ස් එකේ Capture නම් බට්න් එක ක්ලික් කල යුතුයි. මෙසේ මවුසය සක්‍රිය කරගත් පසු නැවත පිටින් ඇති ස්ථානයකට මවුස් පොයින්ටරය යොමු කරගත යුතුනම් යතුරු පුවරුවේ දකුණු පසින් ඇති Ctrl යතුර තද කල අතහැරිය යුතුය.